අබිරහස් ලෙස මියගිය විදුලි කාර්මිකයාගේ සිරුර තනිකඩ කාන්තාවකගේ නිවෙස පිටුපස

අබිරහස් ලෙස මියගිය විදුලි කාර්මිකයාගේ සිරුර තනිකඩ කාන්තාවකගේ නිවෙස පිටුපස

අබිරහස් ලෙස මරණයට පත්වී සිටි විදුලි කාර්මිකයකුගේ සිරුර මහකුඹුක්කඩවල, කිවුල අංක 4 ප්‍රදේශයේ නිවෙසක පිටුපස කොටසේ තිබී හමුවූ බව පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, පුත්තලම, උත්තර අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ජයසිංහ මුදියන්සෙලාගේ ජයන්ත කුමාර අතුලසිරි බණ්ඩාර නමැති එක්දරු පියෙකි.

අදාළ විදුලි කාර්මිකයාගේ සිරුර කිවුල අංක 4 ප්‍රදේශයේ කාන්තාවක් පමණක් පදිංචි නි‍වසක් පිටුපස කොටසේ බිම වැටී තිබියදි සොයා ගැනීමට හැකිව තිබුණි.

මියගිය තැනැත්තා මරණයට පත්ව සිටි නි‍වසේ කාන්තාව සමඟ අනියම් සම්බන්ධයක් තිබුණාද එසේ නැතිනම් කිසියම් හේතුවක් මත මෙම මරණය සිදුවුවා ද? එසේ නොමැති නම් පහර දීමක් ද යන්න පිළිබඳව පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.

එම ස්ථානයට පැමිණි පුත්තලම හදිසි මරණ පරික්ෂක බදුර්දීන් මොහොමඩ් නිසාම් මහතා අදාළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත සිරුර යොමු කර අදාළ පරික්ෂණ සඳහා ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.