විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන මහජන අදහස් විමසීම හෙට සිට
ලබන වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම හෙට (17) සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ සඳහා ලිඛිත අදහස් හා යෝජනා භාරගැනීම ජනවාරි 08 වන දා දක්වා සිදු කිරීමට නියමිතය.
ලිඛිත අදහස් [email protected] ඊමේල් ලිපිනයට හෝ 076 427 1030 වට්ස්ඇප් අංකයට හෝ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත තැපැල් මාර්ගයෙන් යොමුකළ හැකිය.
වාචික අදහස් යෝජනා විමසීම මීට පෙර කොළඹදී සිදු කෙරුණ නමුත් ජනතාවගේ පහසුව උදෙසා මෙවර පළාත් මට්ටමින් එය සිදු කිරීමට නියමිත බව කොමිෂන් සභාව පැවසීය.