අණ නොතැකූ මෝටර් රථයකට කඩුවෙලදී පොලීසියෙන් වෙඩි

අණ නොතැකූ මෝටර් රථයකට කඩුවෙලදී පොලීසියෙන් වෙඩි

කඩුවෙල හේවාගම ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට අද (10) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කඩුවෙල පොලිසිය පවසයි.

අදාළ මෝටර් රථය මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු හප්පා පලා යාමට උත්සාහ කල අවස්ථාවේ එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි, පොලීසිය සදහන් කළේ.

පුද්ගලයකු රථයකින් හප්පා ඝාතනය කිරීමට සැරසෙන බවට පොලිසියට ලද තොරතුරක් මත කළ විශේෂ රථවාහන මෙහෙයුමකදී මෙම සිද්ධිය දුටු පොලීසිය පලා යන රථයට වෙඩි පහර එල්ල කර ඇත.

අදාළ මෝටර් රථයට පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවත් එහෙත් රථය පලා ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.