කඩා වැටුණු අසර්බයිජාන ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි
අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය මේ වනවිට හමුවී ඇත.
අනතුර සිදුවෙද්දී යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය ද ඇතුළු 67 දෙනකු ගමනස් කරමින් සිට ඇත.
අනතුරින් 38 දෙනකු මිය ගියහ. දිවි ගලවා ගත් පිරිස අතර කුඩා දරුවන්ද සිටින අතර අනතුර සිදුවුණු අවස්ථාවේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානයේ සිටි සියලුම දෙනා අනතුරින් මියගිය බවය.
යානය කඩා වැටුණේ කසක්ස්තානයේ අක්ටාවු ගුවන් තොටුපොළට නුදුරිනි. එම අවස්ථාවේදී යානය හදිසි ගොඩබෑමක් කිරිමට නියමුවන් උත්සහ කළ බවයි පැවසෙන්නේ.