PHIගේ නරක් වූ මළසිරුර කාතතාන්කුඩියේ අඟුළු දැමූ නිවසකින් හමුවෙයි

PHIගේ නරක් වූ මළසිරුර කාතතාන්කුඩියේ අඟුළු දැමූ නිවසකින් හමුවෙයි

මඩකලපුව, කාතතාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුලු දමා තිබූ නිවසකින් නරක් වූ පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව කාත්තාන්කුඩි පොලිසිය පවසනවා.

සොයාගත් මළ සිරුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි, පොලිසිය පැවසුවේ.

එරාවුර්, මිච්නගර් හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස මරණකරු සේවය කර තිබෙනවා.

අගුළු දමා තිබූ නිවසේ මළ සිරුරක් තිබී ඇති බව අසල්වැසියන් දැනගත් පසු, ඔවුන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව කාත්තන්කුඩි පොලිස් නිලධාරීන් නිවසට ඇතුල් වී මළසිරුර සොයාගෙන එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලට යොමු කර තිබෙනවා.

මෙම මරණය ස්වාභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි