විදෙස් ගමන පිටවානෙන් නතරවෙයි

විදෙස් ගමන පිටවානෙන් නතරවෙයි

වැලිකන්ද සේනපුර ගම්මානයේ සිට සෙවනපිටිය නගරයට පැමිණ අද (20) පෙරවරුවේ විදේශ ගතවීම සඳහා ගුවන්තොටුපොළට යාමට මුතුගල වැවේ පිටවාන හරහා ගමන් කිරීමට උත්සාහ දැරූ අඹුසැමි යුවළක් පිටවානෙන් වැටී සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ.

සැඩ පහරට හසුවීමෙන් සැමියා මියගොස් ඇති අතර බිරිඳ ත්‍රිරෝද රථයේ සිටි කීපදෙනකු විසින් බේරා ගැනීමට සමත් වී ඇති බව වැලිකන්ද පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ, සේනපුර වැලිකන්ද ලිපිනයේ පදිංචිව සිටි එක්දරු පියකු වන 35 වියති එච්.එම්.රිස්වාන් යන අය බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය පවසයි.