ගිනි අවියක් සහ පතුරොම් සමඟ කටුනායකදී පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සහ පතුරොම් සමඟ කටුනායකදී පුද්ගලයෙක් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගිනි අවියක් , එයට යොදන පතොරම් 12 ක් සහ පතොරම් ගැබක් සිය කළිසම් සාක්කුවේ සඟවා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු රත්මලාන, ගාලු පාරේ පදිංචි 41 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු ගුවන් මගියෙකු පිටත් කර හැරීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයට පැමිණ සිටියදී, කිසියම් අවශ්‍යතාවයක් සදහා බිමට පහත් වීමෙදී, ඇද සිටි කළිසම් සාක්කුවේ රදවා ගෙන සිටි මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවිය, එම පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත වී සිටි පොලිස් සැරයන්වරයෙකුට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.