
වළ දමා තිබූ ගිනි අවියක් සොයාගනී
බදුරලිය කෙලින්කන්ද ප්රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය පවසයි.
ඊයේ (27) සවස් කාලයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කල සෝදිසි මෙහෙයුමකදී මෙම පිස්තෝල අවිය සහ පතුරම් සොයාගෙන ඇත.
එම ගිනි අවියේ අංකය 57068 යනුවෙන් සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම ස්ථානයේ තිබී මීලී මිටර් 7.1 වර්ගයේ පතුරම් 5 ක්, පතුරම් ගැබ් 2 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම ගිනි අවිය සහ පතුරොම් මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරයි.