සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් “තමිල් මක්කල් විඩුදල පුලිහල්” පක්ෂය මෙවර මහ මැතිවරණයට තනියම තරඟ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, බෝට්ටුව ලකුණ යටතේ තම පක්ෂය නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවලට තරඟ කිරීමට ඉදිරි දිනවල නාමයෝජනා භාර දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පී. ප්‍රසාන්තන් මහතා පැවසීය.

පොදු සන්ධානයක් ලෙස තම පක්ෂය බෝට්ටුව ලකුණ යටතේ තරඟ කිරීමට නැගෙනහිර පළාතේ සෙසු පක්ෂ වලට ආරාධනා කර ඇති බවත් අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමටද තම පක්ෂය සූදානම් බව මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.