මාර්ග බාධක හා අවහිර කිරීම්වලට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර
අරගල සමයේ දී ආරක්ෂක අංශ විසින් මහජනතාවට අනතුරක් විය හැකි බව දැන දැනම පොලිතින් මගින් ආවරණය කරන ලද අතිශය අනතුරුදායක උල් සහිත මාර්ග බාධක යොදාගැනීම මගින් ජනතාවගේ අයිතිවාසිකම් කඩකිරීම හා තවත් අයිතිවාසිකම් කඩකිරීමට එරෙහිව පෙත්සම්කාර ශෙනාල් ජයසේකර හා හේමන්ත විතානගේ විසින් ගොනු කරන ලද SC FR 157/22 යන නඩුකරය අද (22) දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැදවන ලදී.
එහිදී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විසින් එම පෙත්සම් විභාගය සදහා අවසර ලබා දුනි.
තව ද, මේ ආකාරයේ මූලික අයිතිවාසිකම් කඩකිරීම වලක්වාලීමට ගනු ලබන පියවර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන මෙන් නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ට දැනුම් දෙන ලදී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් අධි නීතීඥ ක්‍රිශ්මාල් වර්ණසූරිය, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, නීතිඥ පී.බී හේරත්, නීතිඥ ඔවිනි අබේවීර යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.