බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 23ක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 23ක් මරුට

පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

පුද්ගලයන් 40 දෙනෙකුට වැඩි පිරිසක් රැගත් බස් රථය ලීමා අගනුවර සිට අයකුචෝ වෙත ගමන් කරමින් සිට ඇති අතර, එය 200m (අඩි 656) පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව සඳහන්.

පේරු හි ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්ය.

පේරු හි අවිනිශ්චිත කඳුකර මාර්ගවල මාරාන්තික බස් රථ අනතුරු බහුලව දක්නට ලැබේ.