
12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර
මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.
ඊයේ(08) රාත්‍රියේ පේරාදෙණිය දිශාවේ සිට මහනුවරට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ හය දෙනකු මහනුවර ජාතික රෝහලට ද තවත් හය දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කළ බව පොලිසිය කියයි.
එසේ තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ පාදවල අස්ථි බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
