පේරාදෙණියේ මහාචාර්යවරයෙකු සැක කටයුතු ලෙස මරුට
ඖෂධ අධි මාත්‍රාවක් ගත් බවට සැක සහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, බී. එල්. පීරිස් (60) නමැති මහාචාර්යවරයෙකු වන අතර මහාචාර්යවරයාගේ බිරිඳ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන්නියක බවද පැවසේ.
මහාචාර්යවරයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පැවසිය හැකි බව පේරාදෙණිය පොලිසිය පවසයි.