ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කෙරේ
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල 10 වන දිනද, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි මාසවල 09 වන දිනද විශ්‍රාම වැටුප් ලබාදෙයි.
අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් සිදු කරන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛනයේ සදහන් වේ.