පයාගල වෙරළ තීරයේ නාඳුනන කාන්තා මළ සිරුරක්

පයාගල වෙරළ තීරයේ නාඳුනන කාන්තා මළ සිරුරක්

පයාගල, දකුණු පයාගල වෙරළ තීරයේ කාන්තවක් වැටී සිටින බවට ලද තොරතුරක් මත පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයේ සිටි කාන්තාව නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ත් 70ත් අතර වයසේ පසුවන කාන්තාවක් බවයි, පොලීසිය සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ මළ සිරුර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පයාගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.