ඇමති පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහිව වාරණයක්

ඇමති පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහිව වාරණයක්

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පරිසර සංවිධාන කිහිපයක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

Share This