පාස්පෝට් ගන්න දිගු පෝළිමක්

පාස්පෝට් ගන්න දිගු පෝළිමක්

විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දිගු ජනතා පෝලිමක් අද (3) දිනයේ ද දැකගත හැකිවිය.

දුරබැහැර ප්‍රදේශ ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවල ඇතුළු විශාල ජනකායක් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා සති කීපයක සිට ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල තුළළ සහ ඉන් පිටත රැදී සිටිති.

එම දෙපාර්තමේන්තුව පෝලිමේ සිටින පිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන අතර පෝලිමේ ඉතිරිවන පිරිස එම ස්ථානයේම රැය පහන් කරති.