
පාස්පෝට් කන්තෝරුව අද සිට රෑටත් වැඩ
බත්තරමුල්ල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.
ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත්, ජනතාවගේ ගමන් පහසුව සඳහා රාත්‍රී කාලයේදී බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක් යොදවන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.