
පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්
අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඊයේ (10) විශේෂ නිවේදනයක් නිකුත් කළා.
ටෝකන් පත් නිකුත් කිරීම එම දිනවල මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි, නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.
ඒ අනුව එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දිනවලදී ක්‍රියාත්මක නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.