
ශ්රී ලංකාව ලෝකයේ දුර්වලතම පාස්පෝට් ඇති රටවල් අතර පෙරමුණට
ශ්රී ලංකා විදේශ ගමන් බලපත්රය ලෝකයේ දුර්වලතම විදේශ ගුවන්ගමන් බලපත්ර ලැයිස්තුවේ ස්ථාන කිහිපයකින් පෙරමුණට පැමිණ තිබේ.
වීසා රහිතව ගමන් කළ හැකි රටවල් අතරින් දුර්වලතම ගුවන්ගමන් බලපත්රය හිමි රටක් ලෙස ශ්රී ලංකාවට හිමිව ඇත්තේ, 91වන ස්ථානයයි.
එමෙන්ම, සුඩානය සහ ඉරානය ද එම ස්ථානයේ පසුවෙයි.
පසුගිය වසරේ ශ්රී ලංකා විදේශ ගමන් බලපත්රයට 95 වන ස්ථානය හිමිව තිබූ අතර එමගින් වීසා නොමැතිව යා හැකි ගමනාන්ත ප්රමාණය 41 ක් බවටයි, දැක්වුණේ.
වීසා රහිතව ගමන් කළ හැකි රටවල් අතරින් ඉහළම වටිනාකමක් ඇති ගුවන් ගමන් බලපත්රය හිමි රට බවට පත් ව ඇත්තේ, සිංගප්පූරුවයි.
ජපානය, දකුණු කොරියාව හොඳම ගුවන් ගමන් බලපත්ර හිමි ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් ව තිබේ.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤ සහ ඉතාලිය වැනි රටවල් හොඳම ගුවන් ගමන් බලපත්ර ඇති රටවල් අතරින් තෙවැනි ස්ථානයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

