පාස්පෝට් ගන්න මෙම මස අවසන් වන තෙක් ටෝකන් ලබාදී අවසන්

පාස්පෝට් ගන්න මෙම මස අවසන් වන තෙක් ටෝකන් ලබාදී අවසන්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම මස 30 වනදා දක්වා ජනතාව වෙත අවශ්‍ය ටෝකන් පත් නිකුත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එබැවින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණ පෝලිම්වල රැඳී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් දෙසැම්බර් මස සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමවේදයක් සකස් කරන බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රජයේ වැඩපිළි විවේචනය කළ ද බලයට පත් වූ සිය රජය කෙටි කාලයක් තුළදී ජනතාවට සහන රැසක් ලබාදීමට කටයුතු කළ බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.