ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද

10 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දෙවැනි රැස්වීම අද (03) පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි .

ඒ, කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

නොවැම්බර් මස 21 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට දෙදින පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත ය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ආරම්භක රැස්වීම අද පස්වරු 2 ට පැවැත්වීමට ද නියමිතයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පස්වරු 3.00 ට රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.