පාර්ලිමේන්තුවේ ලිංගික හිරිහැර ගැන හොයන්න කමිටුවක්

පාර්ලිමේන්තුවේ ලිංගික හිරිහැර ගැන හොයන්න කමිටුවක්

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු බාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරයි.

කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ගෙන් පෙරේදා (9) ප්‍රශ්ණ කර කටඋත්තර සටහන් කරගෙන ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

විමර්ශනවලදී සේවිකාවක තමාට ලිංගික වශයෙන් අඩන්තේට්ටම් සිදුවූ බවට පැහැදිලිවම කරුණු අනාවරණය කර ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සේවකයෝ පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද සූදානම් බවයි වාර්තා වන්නේ.