පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – සභාවත් කල් තබයි

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – සභාවත් කල් තබයි

පාර්ලිමේන්තුවේ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් සිදුකිරීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධත්වය පෑමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

එහිදී විපක්ෂ නායකවරයා, ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් ලෙස රාජපක්ෂවරුන් ඇතුළු පිරිස් නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් එම ප්‍රකාශය සිදු කල අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එහිදී විපක්ෂනායකවරයාගේ ආසනය අසලටම පැමිණ ඔහුට බාධා කිරීම් සිදු කළේය.

ඒත් සමග පාර්ලිමේන්තු කටයුතු විනාඩි 05කට කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.