අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2025 වර්ෂයේ මුල් මාස 4 ක කාලසීමාව සඳහා පාර්ලිමේන්තුව වෙත අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා යෝජනා සම්මතයක් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් 2024-11-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති අතුරු සම්මත ගිණුම සඳහා වන යෝජනා සම්මතයට නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

එම යෝජනා සම්මතය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.