පානදුර වෙරළට ගොඩ ගැසූ යෝධයා මිය යයි

පානදුර වෙරළට ගොඩ ගැසූ යෝධයා මිය යයි

අඩි 15 ක් පමණ දිගැති කිලෝ දෙදහසක් පමණ බරැති තල්මසෙකු අද (03) උදැසන පානදුර වෙරළට ගොඩගසා සිටි බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

සත්වයාගේ ශරීරයේ සීරිම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත්, ගොඩට පැමිණ සුළු වේලාවකින් සත්වයා මියගොස් ඇති බවත් සදහන් වේ.

සත්වයා පිරිමි සත්වයෙකු බවට හදුනාගෙන ඇති අතර, අත්තිඩිය වනජීවී කාර්යාලය සහ නාරා ආයතනය දැනුවත් කල බවත්, ඔවුන් පැමිණීමට නියමිත බවත් පොලිසිය පවසයි.

COMMENTS