වසර 11ක් සිරගතව සිටි රැඳවියෙක් පල්ලෙකැලෙන් පනී

වසර 11ක් සිරගතව සිටි රැඳවියෙක් පල්ලෙකැලෙන් පනී

වසර 11 ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පළාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.

මෙසේ පළාගොස් ඇත්තේ අවුරුදු 54 ක් වන බොරැල්ල, බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචි රැදිවියකු බව පොලිසිය කියයි.

පළාගිය රැදවියා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයේ යොදවා සිටියදී මෙසේ පළාගොස් ඇති අතර මෙම රැදවියා මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වසර 11 ක් සහ මාසයක් එම සිරකඳවුරේ රදවා සිටි අයකු බවත් පොලිසිය පවසයි.