පල්ලෙකැලේ රැඳවියෙකු මහවැලි ගඟේ ගිලී අතුරුදන්

පල්ලෙකැලේ රැඳවියෙකු මහවැලි ගඟේ ගිලී අතුරුදන්

මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන් පලායමින් සිටි රැඳවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බොරැල්ල සීවලී පටුමගේ පදිංචි මොහොමඩ් රම්සීන් නමැති 36 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

ඔහු අයිස් මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීමේ චෝදනාව මත මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වී මාස තුනකට බන්ධනාගාර ගත කර සිටි අයෙකු බවයි, පොලිසිය පැවසුවේ.

මොහු ඊයේ (20) එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයට යොදවා සිටියදී පස්වරුවේ මෙලෙස නිලධාරීන්ගේන් මිදී පලා යමින් සිටියදී නිලධාරීන් ඔහු පසුපස හඹා යාමේදී එම පුද්ගලයා මහවැලි ගඟට පැන ඇතැයි පොලිසිය පවසයි.

මහවැලි ගඟට පැන්න පුද්ගලයා ඉන්පසුව අතුරුදන්ව ඇත.

නිලධාරීන් අවට ප්‍රදේශය සෝදිසි කිරීමේදී රැදවියාගේ මළ සිරුර හමු නොවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අතුරුදන් වු සිරකරුවා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් මහවැලි ගඟේ මෙහෙයුම් ආරම්භ කර ඇත.