පාකිස්තානය අමාත්‍යාංශ 6ක් වසා රජයේ තනතුරු 150,000ක් අහෝසි කරයි

පාකිස්තානය අමාත්‍යාංශ 6ක් වසා රජයේ තනතුරු 150,000ක් අහෝසි කරයි

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණ වලට අනුව, රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමටත්, අමාත්‍යාංශ 6ක් වසා දැමීමටත්, තවත් අමාත්‍යාංශ දෙකක් ඒකාබද්ධ කිරීමටත් පකිස්තාන රජය තීරණය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 26 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසානයේ ආධාර පැකේජයට අනුමැතිය ලබා දුන් අතර, පකිස්තානය වියදම් කපා හැරීමට, බදු හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය වැඩි කිරීමට, කටයුතු කිරීමෙන් පසු පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් නිකුත් කෙරුණි.

අදාළ සාකච්ඡා සඳහා සහභාගි වී ඇමෙරිකාවේ සිට ආපසු පැමිණි පසු මුදල් අමාත්‍ය මුහම්මද් අවුරන්ග්සෙබ් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙලක් අවසන් කර ඇති බවත් එය පාකිස්තානයේ අවසාන වැඩසටහන වන බවත්ය.