ඉතිහාසයේ පැවති සමකාමීම මැතිවරණය මෙයයි

ඉතිහාසයේ පැවති සමකාමීම මැතිවරණය මෙයයි

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.

ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණය මෙවර පැවති බවත් එම සංවිධාන සඳහන් කරති.

පශ්චාත් මැතිවරණ සමයේදී තවදුරටත් සාමකාමීව කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සමස්ථ මැතිවරණ කාලසීමාව තුළ පැමිණිලි 1800 ක් පමණ වාර්ථා වූ බවත් ඔහු සඳහන් කළේය.

රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සහ සමාජ මාධ්‍ය මගින් සිදුවූ සිදුවීම් ඒ අතර වැඩි වශයෙන් වාර්තා වූ බවත් හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පැවසීය.