පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගන්න අද සිට තිළිණපත්

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගන්න අද සිට තිළිණපත්

වැඩිවියට පත් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කෙරුණි.

මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති අතර මෙම මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත නොමිලේ ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1200ක් වටිනා තිළිණපතක් හිමිවන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකියි.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්තවන අතර රුපියල් 600ක වටිනාකමින් යුත් ඒ හා බී ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.

එම තිළිණපතේ පළමුව ඒ කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය ලබන 10 – වැනිදා සිට ජූලි 10 දක්වා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තිළිණපතේ බී කොටස භාවිත කළ හැකි වන්නේ සැප්තැම්බර් මස 01 වැනිදා සිට 30 වැනිදා අතර කාල සීමාවේ පමණක් බව ද සඳහන්.

ඒ හේතුවෙන් අදාළ කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදු කළ යුතු වේ.

Share This