සෞදි රෝහලක් ලොව ප්‍රථම වරට පූර්ණ රොබෝ හදවතක් බද්ධ කිරීමේ සැත්කම සිදුකරයි

සෞදි රෝහලක් ලොව ප්‍රථම වරට පූර්ණ රොබෝ හදවතක් බද්ධ කිරීමේ සැත්කම සිදුකරයි

සෞදි අරාබියේ කිං ෆයිසාල් විශේෂඥ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හදවත් රෝගයකින් පෙළෙන 16 හැවිරිදි දරුවෙක්ට මෙම සැත්කම සිදු කර තිබෙන බවයි.

ශල්‍යකර්මය සඳහා පැය දෙකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා.

හෘද සැත්කම සිදුකරන ලද වෛද්‍ය කණ්ඩායම සති කිහිපයක සූදානමකින් පසුව ශල්‍යකර්මය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.