OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු දිවයිනට රැගෙන එයි

OnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු දිවයිනට රැගෙන එයි

‘OnmaxDT’ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු වන ගයාන් වික්‍රමතිලක නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

එසේ අත්අඩංගුවට ගත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙනැවිත් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී තිබේ.