ඔන්මැක්ස් ඩී.ටී ගනුදෙනුකරුවන්ට සුබ පණිවිඩයක්

ඔන්මැක්ස් ඩී.ටී ගනුදෙනුකරුවන්ට සුබ පණිවිඩයක්

Onmax DT අගතියට පත් වූවන්ගේ එකමුතුව විසින් අද (28) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ, Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවන ලෙස ඉල්ලමින්.

ඒ අනුව, එම විරෝධතාවය අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වුණා.

තමා Onmax DT පිරමීඩ ක්‍රමයේ ආයෝජනය කරනු ලැබූ මුදල් යළි සාධාරණව බෙදා දෙන ලෙස බල කරමින් ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

මේ අතර ඔන්මැක්ස් ඩී.ටී.” පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ සියලූම ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය හැකි බව ආයතනයේ විත්තිකාර අධ්‍යක්ෂකවරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ සිය නීතිඥවරයා මගින් කරුණු දක්වමින් අද පැවසීය.

ඔන් මැක්ස් ආයතනයේ දත්ත අනුව තැන්පත්කරුවන් 61206ක් සඳහා ඩොලර් මිලියන දහඅටදහසක් යළි ගෙවීමට ඇති බවත්,නඩු පැවරීමෙන් අනතුරුව ඩොලර් මිලියන 25000ක් ඇති බවත් ඔන්මැක්ස් ආයතනය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා පෙන්වා දුන්නේය.

Share This