පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ ආරම්භ විය.

ඔලිම්පික් සම්ප්‍රදායන් වෙනස් කරමින් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගණයකින් පිටත දී ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වීමටයි පැරිස් ඔලිම්පික් සංවිධායකයින් කටයුතු කර තිබුණේ.

ඒ ප්‍රංශයේ ”සෙයින්” ගංගාව දෙපසට එක් වු දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාරය මධ්‍යයේයි.

”බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ” යන්න තේමා කර ගත් මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වුණේ ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙන් ය.

පැරිසි නගරය හරහා වැටී ඇති සේන් නදියේ , එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග කිලෝමීටර් 6ක දුරක් ගමන් කළේ ය.

එහි ඉදිරියෙන් ගමන් කළේ ග්‍රීසියයි.

ප්‍රංශයේ ඉතිහාසය , ඔලිම්පික් ඉතිහාසය විවිධ අවස්ථා නිරූපනය වන අයුරින් එක් කළ විචිත්‍රාංග රැසකින් සමාරම්භ උළෙල වර්ණවත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඔලිම්පික් සදහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් ශ්‍රී ලංකා ධජය රැගෙන සේන් නදිය දිගේ ඉදිරියට ගමන් කළේ ය.

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් විසින් 2024 පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භය නිළ වශයෙන් ප්‍රකාශ පත් කළේ ය.

ඉන් අනතුරුව ඔලිම්පික් ගිනි සිළුව හිටපු පාපන්දු ක්‍රීඩක මෙන්ම වර්තමාන රියාඩ් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණූකරු සිනෙඩීන් සිඩෑන්ට ලබා දුන්නේ ය.

සුපිරි ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් ඉන් අනතුරුව ඔලිම්පික් ගිනි සිළුව ලබා ගත් අතර අවසානයේ ඔලිම්පික් පහන දැල් වුයේ ප්‍රංශ ජූඩෝ ක්‍රීඩිකා ටෙඩී රයිනර් සහ ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනූ කෙටි දුර ධාවන ශූරී මාරි ජෝස් පෙරෙක් ය.

විටින් විට වර්ෂාවෙන් බාධා ඇති වුවත් විචිත්‍රවත් සමාරම්භ උත්සවය එළෙසින් නිමාව සනිටුහන් කළේ ය.

සමාරම්භක උත්සවයේ නිමාව සනිටුහන් කළේ කලකට පසුව ප්‍රවීන ගායන ශිල්පිනී සිලෝන් ඩියෝන්ගේ ගායනයකින් අනතුරුවයි.