ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පැරිස් බලා පිටත්ව යයි

ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පැරිස් බලා පිටත්ව යයි

පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා තරුෂි කරුණාරත්න, අරුණ දර්ශණ සහ නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ (24) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් සුදුසුකම් ලබා ගත්තේය.

විරේන් නෙත්තසිංහ, නදීෂා දිල්හානි ලේකම්ගේ, තරුෂි කරුණාරත්න, ගංගා සෙනවිරත්න, කයිල් අබේසිංහ සහ අරුණ දර්ශන ඊට ඇතුළත්ය.