පොල්තෙල් මිල ඉහළට

පොල්තෙල් මිල ඉහළට

වෙළෙඳපොලේ පොල්තෙල් මිල රුපියල් 100කින් පමණ වැඩි වී තිබෙන බව පැවසෙනවා.

මීට පෙර පොල්තෙල් මිල පැවතියේ රුපියල් 610ක් ලෙසයි.

කෙසේ වෙතත් පොල්තෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 700ත් 800ත් අතර මිලකට වැඩිවී තිබෙන බවයි පොල්තෙල් වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ.