ගුණාත්මක පොල්තෙල් ගැන හොයන බලය පොල් සංවර්ධන අධිකාරියට

ගුණාත්මක පොල්තෙල් ගැන හොයන බලය පොල් සංවර්ධන අධිකාරියට

මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙන්ම මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් ආනයනික ඛාද්‍ය තෙල්වල ගුණාත්මකභාවය සම්බන්ධව පවතින ගැටලු සහගත තත්ත්වයත් නිසා ඒවා නියාමනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියට බලතල ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.