ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවිය ගැන දැනුම් දීමක්

ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවිය ගැන දැනුම් දීමක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසනවා.

ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අළෙවි කරන බවයි, එම සමාගම පවසන්නේ.

ඔක්ටේන් 100 පෙට්‍රල් නවීණ වාහන සඳහා භවිතයට වඩාත් සුදුසු බවත් මෙම ඉන්ධනය භාවිතා කිරීමෙන් සුමට ධාවනයක්, වැඩි කිලෝමීටර සංඛ්‍යාවක් සහ ඉහළ එන්ජින් ධාරිතාවක් ලබාගත හැකි බවත් LIOC සමාගම සඳහන් කරනවා.

Share This