ප්‍රහාරයක් එල්ල කරන බවට සාගර විශ්වවිද්‍යාලයට නිර්ණාමික ලිපියක්

ප්‍රහාරයක් එල්ල කරන බවට සාගර විශ්වවිද්‍යාලයට නිර්ණාමික ලිපියක්

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයට සාහසික ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලැබී ඇති බව කියන නිර්ණාමික ලිපිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෝදර පොලිසියට නියෝග කර තිබේ.

එම විශ්ව විද්‍යාලය වෙත එවැනි නිර්නාමික ලිපියක් ලැබී ඇති බවට දිවාකර නමැති අයකු තම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි, පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ.