රාජ්‍ය වාහන හා දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

රාජ්‍ය වාහන හා දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකියි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, එලෙස නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවයි.

එමෙන්ම, එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවය ආරක්‍ෂා කෙරෙන බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.