ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර දී එම කටයුතු සිදුවන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ය.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.