නෝර්වුඩ් වලින් අතුරුදන් වූ සිසුන් 04 දෙනා රාගමින් හමුවෙයි

නෝර්වුඩ් වලින් අතුරුදන් වූ සිසුන් 04 දෙනා රාගමින් හමුවෙයි

නොර්වුඩ් ප්‍රදේශයෙන් අතුරුදහන් වී සිටි 15 හැවිරිදි පාසල් සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටියදී පොලිස් භාරයට ගෙන එම සිසුන්ගේ දෙවම්පියන් වෙත භාර දී ඇති බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ පදිංචි මෙම සිසුන් සිව්දෙනා එම වතුයායේම වතු පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන බවත්, ඉකුත් (04) දින සිට එම සිසුන් සිව්දෙනා අතුරුදහන් වී ඇති බවට අතුරුදහන් වු පාසල් සිසුවෙකුගේ පියෙකු විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

එකම වතුයායේ පදිංචි අතුරුදහන්ව සිටි පාසල් සිසුන් සිව්දෙනා එකම පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් බවත්, එම සිසුන් රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් රාගම ප්‍රදේශයේ ඥාතියෙකු හමුවීමට දුම්රියෙන් ගොස් ඇති බවයි, නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

එම සිසුන් සිව්දෙනා රාගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත රාගම පොලිසිය වෙත කල දැනුම් දීමක් මත අතුරුදහන්ව සිටි සිසුන් සිව්දෙනා රාගම පොලිසිය භාරයට ගෙන දෙමව්පියන් පොලිසිය වෙත කැදවා භාරදී ඇත.

ළමුන් සිව්දෙනෙකු අතුරුදහන් වී ඇති බවට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති නිසා එම සිසුන් සිව්දෙනා සහ දෙමව්පියන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි, ස්ථානාධිපතිවරයා කියා සිටියේ.