වාසුගෙන් ඉවත්වුණු නිරෝෂන්ගේ සහාය සජිත්ට

වාසුගෙන් ඉවත්වුණු නිරෝෂන්ගේ සහාය සජිත්ට

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් අද (28) තංගල්ලේ පැවති ජන රැළිය ඇමතීය.

එහිදී ජන රැළියේ නිවේදකයා, ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස ජනතාවට හදුන්වා දුන්නේය .

මේ රටේ 40 ලක්ශයක් ජනතාව ජනාධිපතිවරණයේදී ජන්දය පාවිච්චි කරන අයුරු තීරණය කර නොමැති බවත් ඒ වාමවාදී, ජාතික වාදී ඡන්ද බවත් එම ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට අද සිට කැප වන බවත් ප්‍රේමරත්න මහතා පැවසීය.