තහනම් උත්තේජක චෝදනාවකට නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

තහනම් උත්තේජක චෝදනාවකට නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළුව) සිදු කළ නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පනවා ඇතැයි වාර්තා වේ.

ඒ, පසුගියදා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වීම හේතුවෙන් බවයි, වාර්තා වන්නේ.