මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු ටීවී පරාජය වෙයි – ලක්ෂ 135ක වන්දියක් ගෙවන්නත් නියෝග

මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු ටීවී පරාජය වෙයි – ලක්ෂ 135ක වන්දියක් ගෙවන්නත් නියෝග

මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී නීති විරෝධී ලෙස ඉවත් කිරීමට එරෙහිව පවරා තිබූ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) ltd ආයතනය අද (28) පරාජයට පත්වුණා.

හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08ක කාලයක් සේවය කළ ජනමාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රිගේ සේවය අවසන් කිරීමේදී එම ආයතනය නගා තිබූ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට එම ආයතනය අසමත්වූ බව අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර තිබේ.

එමෙන්ම ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව හිතලුවක් ලෙසින් නගා ඇති බවත් ඒ අනුව වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 135 ක මුදලක් ගෙවිය යුතු බවත් නියෝග කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන් කළේ එළැඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමේ කාලයක් වගඋත්තරකාර පාර්ශවයට හිමිවන අතර ඒ දක්වා අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.

 

 

Share This