
රාජකීය – ශාන්ත තෝමස් ‘නිල් මහා සටන’ අද ඇරඹේ
පාසල් මහා ක්‍රිකට් තරග නාමාවලියේ තවත් සුවිශේෂී තරගයක් වන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වේ.
ලොව පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරග අතුරින් දෙවැනි ස්ථානයට හිමිකම් කියන කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් නිල් මහ සටන ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 146 වැනි වරටයි.
1879 වසරේ ආරම්භ වූ මෙම තරගය ලොව මෙතෙක් අඛණ්ඩව පවත්වනු ලැබූ එකම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය වීම ද විශේෂත්වයකි.
මෙම තරගය ඩී.එස් සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන් පැවැත්වෙන අතර මේ වන විට රාජකීයයන් තරඟ 36 ක් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් ක්‍රීඩකයින් තරග 35ක් ජය ගන්නට සමත් වී තිබේ.
තරගය අද (06) හෙට (07) සහ අනිද්දා (08), කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.