හිටපු ජනපතිගේ ආරක්ෂාවේ වෙනසක් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනපතිගේ ආරක්ෂාවේ වෙනසක් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

එමෙන්ම, ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට 163 දෙනෙකු මේ වනවිටත් සිටින බව ඔහු සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත් වේ.