නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟාවලි ජයක්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟාවලි ජයක්

නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත්විය.

ඒ, නවසීලන්තයට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය, ඉනිමකින් සහ ලකුණු 154 කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, කඩුලු 5ක් දැවී ලකුණු 602 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටවූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් ශතක රැස් කළේ ය.

නවසීලන්තයට පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ, ලකුණු 88ක් පමණයි.

ප්‍රභාත් ජයසූරිය, කඩුලු 6ක් දවා ගත් අතර නිෂාන් පීරිස් කඩුලු 3 යි.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නවසීලන්තය නැවතත් පන්දුවට පහරදීම ආරම්භ කළේ ය.

ඒ අනූව නවසීලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ, ලකුණු 360 ක් පමණයි.

නිෂාන් පීරිස් කඩුලු 6 ක් දවා ගත්තා.

ඔහු අද(28) වාර්තා අතරට එක් වුණේ සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් ශ්‍රී ලංකාවේ 7 වැනි ක්‍රීඩකයා ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ වසර 15කට පමණ පසුව විමත් විශේෂත්වයකි.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ 2009 වසරේදිය.

COMMENTS