නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල දී කුඩා මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යානය ගුවන්ගත වීමට සූදානම් වන අවස්ථාවේ එය කඩා වැටී ඇති අතර එහි නියමුවා දිවි ගලවා ගත් නමුත් යානයේ සිටි 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.

සයුරා ගුවන් සේවයට අයත් එම ගුවන් යානය කඩා වැටෙද්දී, එහි 19 දෙනකු සිටි බවත් කඩා වැටී ගිනිගෙන පිපිරුණු යානයෙන් මළසිරුරු 5 ක් පමණක් සොයා ගත් බවත් නේපාල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගුවන්තොටුපොළේ ආරක්ෂක ප්‍රධානී චාන්ඩ් තකූරී රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ, ගුවන් යානයේ සේවක මණ්ඩලයේ දෙදෙනෙක් සහ කාර්මික අංශ සේවකයින් 17 දෙනෙක් ගමන්කළ බවයි.